දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක්

Share

ත්‍රිකුණාමලය, මන්නාරම, වව්නියාව, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට අද(13) උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව උතුරුමැද පළාතේ ස්ථාන කිහිපයකට මෙන්ම මඩකලපුව, අම්පාර, කුරුණෑගල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ජනතාවද මෙම උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

Read more

Local News