Home දේශීය පුවත් බගවන්තලාව තේ වත්තේ කාණුවකින් පිරිමි මළ සිරුරක් හමුවෙයි

බගවන්තලාව තේ වත්තේ කාණුවකින් පිරිමි මළ සිරුරක් හමුවෙයි

0
බගවන්තලාව තේ වත්තේ කාණුවකින් පිරිමි මළ සිරුරක් හමුවෙයි

නිවසින් අතුරුදහන්ව සිටි පිරිමි අයෙකුගේ මළ සිරුරක් තේ වත්තේ කාණුවක් මත තිබි අද(13) හමු වු බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

මෙසේ හමු වි ඇත්තේ බගවන්තලාව කැම්පියන් වත්ත ඉහළ කොටසේ පදිංචි කොලෙන්දෙයි මායන්ඩි නැමති 60 හැවිරිදි අවිවාහක අයෙකුගේ සිරුරයි.

මරණකරු ඊයේ(12) පස්වරුවේ බගවන්තලාව පොලිසි වයමට අයත් කර්කස්වොල් වතුයායේ ඥාති නිවසකට යන බව පවසා දැනට පදිංචිව සිටින නිවසින් බැහරව ගොස් ඇති බවත්, ඥාති නිවසට මරණකරු ගොස් නොමැති නිසා ඊයේ රාත්‍රි මරණකරුගේ ඥාතින් විසින් ඔහු සොයා ප්‍රදේශය පුරා මෙහෙයමක්ද දියත් කර තිබුණි.

අද උදැසන වතු කම්කරුවෙකු තේ වත්තේ කාණු මත අතුරුදහන්ව සිටි අයගේ සිරුර දැක එ බැව් බගවන්තලාව පොලිසිය වෙත දැනුම් දි ඇත.

සිරුර සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here