පර්දාව සහ අබාය රාජකාරි වේලාවේදි පළදින්න එපා ?

Share

පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි වල නිරත වන නිලධාරින් පිරිසක් අද ( 13 ) සේවයට වාර්තා නොකර ලෙඩ නිවාඩු දැමිම නිසා කාර්යාල කටයුතු සම්පුර්ණයෙන් අඩාල වි තිබුණි.

පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරනු ලබන මුස්ලිම් ජාතික කාන්තාවන් විසින් පළදින පර්දාව සහ අබාය ඇදිම තුළින් ආයතනය තුළ යම් ගැටලු මතුව ඇති බව පවසමින් එය ඉවත් කර සේවයට පැමිණෙන ලෙසට ඉල්ලිම් කරමින් මෙසේ   60 කට ආසන්න අනෙක්  නිලධාරින්  පිරිසක් සේවයට වාර්තා නොකර ලෙඩ නිවාඩු දැමිමට කටයුතු කර තිබුණි.

පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන මුස්ලිම් නිලධාරිනියන්ට කාර්යාලය තුළදි පර්දාව සහ අබාය හැද රාජකාරිවල නිරත නොවන ලෙසට සිංහල නිලධාරින් විසින් දැනුම් දි තිබු නමුත් දිගින් දිගටම එම ඇඳුම එලෙසම භාවිතා කිරීමට විරෝධය දක්වමින් මෙසේ ලෙඩ නිවාඩු දැමිමට කටයුතු කල ඇති බව කියයි.

මේ හේතුවෙන් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල වි තිබු අතර මුස්ලිම් නිලධාරින් හා නිලධාරිනියන් පිරිස පමණක් සේවයට පැමිණ  සිටි ආකාරය දැක ගත හැකි විය.

මේ පිළිබඳව පුත්තලම ප්‍රාදේශිය ලේකම් සංජීවනි හේරත් මහත්මියගෙන් කල විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකී.

“ පර්දාව සහ අබාය රාජකාරි වේලාවේදි පළදින්න එපා කියලා  අනෙක් නිලධාරින් දන්වා තිබේනවා . මම මේ පාර්ශව දෙකම සමඟ කථා කළ නමුත් දෙපිරිසම එකඟතාවයකට එන්න සුදානම් නැහැ. නිලධාරින් ලෙස අපි තමා මේ නිසා ගැටලුවලට ලක්වෙන්නේ” .

Read more

Local News