සේනා ආයෙමත් ඇවිත්

Share

පසුගිය කාල වකවානුවේදී රටේ බොහෝ ප්‍රදේශවල බඩ ඉරිඟු වගාවට සේනා දළඹුවා විසින් විශාල හානියක් සිදු කළේය.

ඉන් බොහෝ ගොවීන් දැඩි අසරණ තත්ත්වයකට පත්විය. කාලයාගේ අවෑමෙන් එම සේනා දළඹුවාගේ බිය පහව ගොස් තිබුණි. කෙසේ වෙතත් නැවතත් එම සේනා දළඹුවාගේ පිබිදීමක් බදුල්ල තල්දෙණය ප්‍රදේශයේ එක් ගොවි මහතෙකුගේ බඩ ඉරිඟු වගාවෙන් හමුවිය.

බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්දෙණ මිරිස්වත්ත ප්‍රදේශයේ බඩ ඉරිඟු වගා භූමියකින් මෙම සේනා දළඹුවා හමුවූ අතර එහි හිමිකරුවූ ආර්. එම්. චන්දන ගොවි මහතා මෙසේ අදහස් දැක්වීය,

“අක්කරයකට ආසන්න භූමියක මම බඩ ඉරිඟු වගා කර තියෙනවා. මෙවැනි තත්ත්වයකට මා මීට පෙර මුහුණ දී තිබුණේ නැහැ. පසුගිය කාලයේදී රටේ විවිධ තැන් වලින් මෙම සේනා දළඹුවා හමුවුවත් මගේ වගාවට මේ දළඹුවාගෙන් හානියක් වුණේ නැහැ.

මීට දින කිහිපයකට ඉහතදී තමයි මෙම දළඹුවා මගේ බඩ ඉරිඟු වගාවෙන් හමුවුණේ. මම විශාල මුදලක් යට කරලයි මෙම වගාව කරලා තියෙන්නේ. දැන් බඩ ඉරිඟු කරල් හට ගන්න කාලයයි ඇවිත් තියෙන්නේ. දැන් දැන් මේ දළඹුවා මගේ වගාවට හානි කරමින් සිටිනවා. මේ ගැන කියන්න කෙනෙක් නැහැ’ මම අද බොහෝ සේ අසරණ වෙලයි ඉන්නේ”

Read more

Local News