වසර 17කට පසු ඉන්දියාවෙන් ලෝක රූ රැජිණක් !

Share

2017 ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට ඉන්දියාව මෙවර සමත් විය.

ඒ, අනුව මෙවර ලෝක රූ රැජිණ කිරුළ දිනාගෙන ඇත්තේ, 20 හැවිරිදි වියේ පසුවන හර්යානා හි, මානුෂි චිලර් විසිනි. විදෙස් වාර්තා සඳහන් කළේ, වසර 17 කට පසුව ඉන්දියාවට එම ජයග්‍රහණය හිමිව ඇති බවය.

මීට පෙර 2000 වසරේ ලෝක රූ රැජිණ කිරුළ ප්‍රවීණ බොලිවුඩ් සහ හොලිවුඩ් රංගන ශීල්පී ප්‍රියංකා චොප්රා විසින් දිනාගනු ලැබ තිබේ.

මෙවර ලෝක රූ රැජිණ කිරුළේ තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ එංගලන්තයේ ස්ටෙපනි හිල් විසිනි.

දෙවන ස්ථානය මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසාට හිමි වූවා ය.

මෙවර මිස් වර්ල්ඩ් ලෝක තරඟාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලැබුවේ, සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2017 (Siyatha Miss World Sri Lanka 2017) තරඟාවලිය ජයග්‍රහණය කල දුෂෙනි සිල්වා විසිනි.

 

Read more

Local News