මෙම මස මුලදී WhatsApp සමාජ ජාලය හැකර් ප්‍රහාරයකට ලක්වෙලා

Share

WhatsApp සමාජ ජාලය භාවිත කෙරෙන ජංගම දුරකථන සහ අනෙකුත් උපකරණ වෙත දුරස්ථව සිට ආවේක්ෂණ මෘදුකාංගයක් ඇතුළු කිරීමේ හැකර් ප්‍රහාරයක් මෙම මස මුලදී සිදුව ඇති බව තහවුරු වේ.

WhatsApp සමාජ ජාලයට හිමිකම් කියන ෆේස්බුක් සමාගම පවසන්නේ මෙය WhatsApp සමාජ ජාලය භාවිත කරන සියලුම පරිශීලකයන් වෙත එල්ල වී නොමැති බවයි. කෙසේ වෙතත්, මෙය අති දියුණු ආකාරයේ සයිබර් ප්‍රහාරයක් බවත් ඔවුන් සඳහන් කරයි.

මෙය ඊශ්‍රායලයේ එන්.එස්.ඕ ගෘප් නමැති ආකර්ෂණ ආයතනයේ නිර්මාණයක් බව ඇමෙරිකානු ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.

ඒ අනුව, යමින් පසුගියදා ඔවුන් තම පරිශීලකයන්ට ඔවුන්ගේ WhatsApp සමාජ ජාලය කඩිනමින් යාවත්කාලීන කර ගන්නා ලෙස උපදෙස් ලබාදෙන ලදී.

Read more

Local News