ත්‍රීරෝද-යතුරු පැදි අනතුරකින් අයෙක්ට බරපතළ තුවාල

Share

බණ්ඩාරගම, වැල්ලමිල්ල හන්දිය අසලදී ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන බවට ද සඳහන් වෙයි.

කැස්බෑව සිට බණ්ඩාරගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් වෙළෙඳසැලකට හැරවීමට යාමේදී බණ්ඩාරගම සිට කැස්බෑව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බවටයි වාර්තා වන්නේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ රියදුරු පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ත්‍රීරෝද රථයේ රියදුරු හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ත්‍රීරෝද රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

වැඩිදුර පරීක්ෂණ බණ්ඩාරගම පොලිසිය මඟින් සිදු කරයි.

Read more

Local News