යුද්ධය අවසන් වී වසර 10ක් පිරෙයි

Share

යුද්ධය අවසන් වී වසර 10ක් පිරීම නිමිත්තෙන් අවසන් යුද්ධය පැවති වෙල්ලමුල්ලි වයික්කාල්හි පිහිටි යුධ සැමරුම් ස්මාරකය සහ භූමිය ප්‍රදේශවාසීන් විසින් මේ දින වල එළිපෙහෙළි කරමින් සූදානම් කර තිබේ.

එළඹෙන මැයි 18 වනදා උදෑසන 10.30ට වෙල්ලමුල්ලි වයික්කාල්හි පිහිටි යුධ  සැමරුම් ස්මාරකය ඉදිරිපිටදී යුද්ධය නිමා වී වසර 10 ක් පිරීම හා අවසන් යුද්ධයේදී මිය ගිය සාමාන්‍ය ජනතාව සිහිපත් කොට ඔවුන් වෙනුවෙන් සෙත් ශාන්ති පැමිණවීම සිදු කිරීමට සියල්ල සූදානම් කිරීමට ප්‍රදේශවාසී ජනතාව හා ආගමික නායකයින් විසින් පියවර ගෙන ඇත.

මේ වනවිට උතුරු පළාත් සභාවක් නොමැති අතර පසුගිය වසරේ උතුරු පළාත් සභාව පැවති හෙයින් මුල්ලිවයික්කාල් යුධ සැමරුමේ පූර්ණ සංවිධාන කටයුතු උතුරු පළාත් සභාව හා යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයෙන් සිදු කළ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේ එවකට උතුරු මහඇමතිව සිටි සී.වී.විග්නේශ්වරන් මහතාය.

කෙසේ වෙතත් වෙල්ලමුල්ලි වයික්කාල් යුධ  සැමරුම වෙනුවෙන් මෙවර දේශපාලන නියෝජිතයින් හා සාමාන්‍ය වැසියන් සියලු දෙනාට ආරාධානා කර සිටින බවටද මුල්ලිවයික්කාල් ස්මාරක භූමිය සකසන ප්‍රදේශවාසීන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

Read more

Local News