නෝර්වීජියානු පිය-පුතු දෙපළක් ස්වර්ණාභරණ තොගයක් සමඟ අත්අඩංගුවට

Share

රුපියල් එක් කෝටි දස ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධීව ශ්‍රී ලංකාවට රැගෙන ආ නෝර්වීජියානු පිය-පුතු දෙපළක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

55 හැවිරිදි මෙම නෝර්වේ ජාතික පියා එරට ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ සාප්පු හිමියෙක් වන අතර ඔහුගේ පුත්‍රයා 18 හැවිරිදි අයෙක් බව වාර්තා වෙයි.

ඔවුන් විසින් ඇඳගෙන පැමිණි කළිසම්වල ඉන ප්‍රදේශයේ මෙම මාල, වළලු සහ මුදු අඩංගු කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 825ක් බර ස්වර්ණාභරණ තොගය සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එ අනුව මෙම ස්වර්ණාභරණ තොගය රාජසන්තක කර, මොවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ හයක මුදලක් දඩ මුදල් ලෙස ගෙවන ලෙස ද නියෝග කර තිබේ.

Read more

Local News