කුලියාපිටිය කොට්ඨාසය භාරව සිටි පොලිස් අධිකාරිවරයා කළුතරට

Share

පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු විම් ලබා දී තිබේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරු වීම් සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ මහතා කළුතර පොලිස් විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස පත් කර තිබේ.

නුගේගොඩ කොට්ඨාසයේ පොලිස් අධිකාරී එල්.එස්.සිගේරා මහතා කුලියාපිටිය කොට්ඨාස බාර නිලධාරියා ලෙස පත් කර යවා තිබේ.

මේ අතර, ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සිටි පොලිස් අධිකාරී ඩබ්.එම්.ඒ.ආර් ප්‍රනාන්දු මහතා නුගේගොඩ කොට්ඨාසය වෙතත් මාරු කර යවා තිබේ.

Read more

Local News