දෙවන වාර විභාගය අවලංගු කරන්නේ නෑ

Share

කිසිදු හේතුවක් මත පාසල්වල දෙවන වාර විභාගය අවලංගු නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එහි අතිරේක ලේකම් එම්.එම්. රත්නායක මහතා ප්‍රකාශ කළේ, පාසල්වල ඉගැන්වීමේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ය.

සිසුන්ගේ පැමිණීමේ අඩුවක් මේ වන විට ඇතැත් එය ඉදිරි සති 2ක ඇතුළත සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

සිසුන්ගේ ආරක්ෂාව සඳහා සෑම පාසලකම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක ය.

ඒ හේතුවෙන් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී තම දරුවන් පාසල් වෙත යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියේ, පාසල් සති කිහිපයක් වසා දැමීම හේතුවෙන් මෙම වාරයට නියමිත අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ය.

ඒ හේතුවෙන් දෙවන වාර විභාගය මෙවර නොපවත්වන ලෙස ඔවුන් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළේ ය.

Read more

Local News