කළ යුත්තේ සියලු තොරතුරු මාධ්‍යට ලබා දීම නොවෙයි

Share

පසුගිය 21 වැනිදා සිදු කළ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂ‍ණවල විශාල ප්‍රගතියක් මේ වනවිට අත්කර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කෙටි කාලයකින් එවැනි ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවීම ගැන විදේශ ආයතන පවා මවිතයට පත්ව සිටින බව අද (15) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා කියා සිටියේය.

ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා ඝාතනය සිදුවී ප්‍රභාකරන්ට විරුද්ධව සාක්ෂි සොයාගැනීමට හැකි වූයේ වසර 20 කට පසුව බව සිහිපත් කළ වික්‍රමසිංහ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී මාසයක් ගතවීමටත් පෙර ඊට සම්බන්ධ ත්‍රස්ථයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවත්, රට තුළ අර්බුද නිර්මාණය කිරීමෙන් එම පරීක්ෂණ කටයුතුවලට බාධා ඇති විය හැකි බැවින් ඉවසීමෙන් ක්‍රියා කර ආරක්ෂාක අංශ වෙත සහයෝගය ලබාදෙන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද අරලියගහ මන්දිරයේදී පැවැති එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ ක්‍රියාකාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

එක්සත් ජාතික පක්ෂ් සන්නිවේදන බලකායේ නව අධ්‍යක්ෂ ජෙනරාල් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් සංවිධානය කර තිබූ එම සාකච්ඡාවට සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයින්, පළාත් අධ්‍යක්ෂකවරු, දිස්ත්‍රික් ලේකම්වරු සහ දිස්ත්‍රික් නීති ලේකම්වරු ඇතුළු පිරිසක් සහභාගීව සිටි අතර, එම බලකායේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙණි.

එම සාකච්ඡාවේ දී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“ඉරිදා රාත්‍රියේ රටේ විවිධ ප්‍රදේශවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සඳුදා වන විට පාලනය කරමින් නැවතත් රට තුළ සාමාන්‍ය තත්ත්වයක් ඇති කිරීමට මේ වන විට අපට හැකිවී තිබෙනවා.

රටේ සාමය ආරක්ෂා  කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සම්පූර්ණ බලතල අපි ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට ලබාදුන්නා.

ඒ අනුව සාමය ආරක්ෂා‍ කිරීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ගත් පියවර සහ කළ කැපකිරීම් වෙනුවෙන් මම ඔවුන්ට ස්තූතිවන්ත වනවා.

රට තුළ මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කිරීම හරහා සිදු වන්නේ අයි.එස් ත්‍රස්තවාදය පිළිබඳව සිදු කරමින් පවතින පරීක්ෂසණ කටයුතු ප්‍රමාදවීමයි.

මේ වන විට එම පරීක්ෂ ණ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යමින් තිබෙනවා.

පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බුද්ධිඅංශය විසින් අදාළ තොරතුරු සොයා ගනිමින් පරීක්ෂණ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා.

එම පරීක්ෂොණ කටයුතු හරහා රටේ සිදුවූ ත්‍රස්තවාදී බෝම්බ පිපිරීමට ඍජුව සම්බන්ධ වූ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නමුත් ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින් එම ප්‍රමාණය පැවසිය නොහැකියි.

එම ත්‍රස්තවාදීන් සමඟ ගනුදෙනු පැවැත්වූ පුද්ගලයන් ද අත්අඩංගුවට ගෙන තිබනවා. ඔවුන් පිළිබඳ පරීක්ෂණ විභාග කරමින් සිටිනවා.

ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් මෙම පියවර ගනිමින් සිටින නිසා නොබෝ දිනකින් මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

ත්‍රස්තවාදීන් සමඟ ගනුදෙනු පැවැත්වූ සියලූම පුද්ගලයන් පිළිබඳව පරීක්ෂෙණ කිරීමටත්, අනාගතයේදී මෙවන් තත්වයන් ඇතිවීම වැළැක්වීමටත් ආරක්ෂතක අංශ පියවර ගනිමින් සිටිනවා.

එම නිසා එම පරීක්ෂණ කටයුතු මේ වනවිට සාර්ථක මට්ටමක පවතින බව පැවසිය යුතුයි.

මේ පිළිබඳව නඩු පැවරීම්, තාක්ෂණ වාර්තා ලබාගැනීම් ආදිය නීතිපතිතුමා විසින් සිදු කරනවා.

එම වාර්තා අනුව නඩු කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණයෙන්ම භාර ගන්නවා.

මෙම පරීක්ෂ ණ කටයුතු පිළිබඳ සියලූ තොරතුරු දිගින් දිගටම පැවසීම තුළින් ඒවායේ රහස්‍යභාවයට යම් හානියක් සිදුවිය හැකි නිසා එම සියලූ තොරතුරු පැවසීමට අපි කටයුතු කරන්නේ නැහැ.

දැන් අප සිදු කළ යුත්තේ පරීක්ෂාණ කටයුතු පිළිබඳ සියලූ තොරතුරු ජනමාධ්‍යයට ලබාදී ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියක් ලබාගැනීම නොව පරීක්ෂණ කටයුතු ඉක්මනින් අවසන් කිරීමයි.

ඒ බව මම විශේෂයෙන් අවධාරණය කරනවා. ආරක්ෂොක අංශ විසින් සිදු කරන පරීක්ෂයණ කටයුතු අඩපණ වීමට ඉඩ ලබා දිය නොහැකි නිසා ඒ පිළිබඳ තොරතුරු ප්‍රකාශ කිරීම පොලිසියට භාර කරනවා.

අග්‍රාමාත්‍යවරයා ලෙස මා ඇතුළු අමාත්‍යවරු පරීක්ෂණ තොරතුරු ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිනවා.

ඒ පරීක්ෂණ කටයුතුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය නිසයි.රටේ වත්මන් තත්වය පිළිබඳව පළ වන විවිධ සටහන් හා වාර්තා සියල්ල සත්‍ය යැයි තහවුරු කිරීමට හැකි දැයි මම පොලීසියෙන් විමසුවා.

අසත්‍ය තොරතුරු රැසක් පැතිර යන නිසා එම සියලූම සටහන් හා වාර්තා සත්‍ය දැයි පැවසීමට නොහැකි බව ඔවුන් මා සමඟ ප්‍රකාශ කළා.

මාධ්‍යයට තම ප්‍රවෘත්ති විකාශයන් අලෙවි කර ගැනීමට අවශ්‍ය නිසා කුමන ආකාරයේ වාර්තා ඉදිරිපත් කළත් සත්‍ය තොරතුරු ලබාදෙන්නේ පොලීසිය හරහා පමණක් බව මම අවධාරණය කරනවා.

රජය සහ ආරක්ෂරක අංශ විසින් මේ පිළිබඳව විශාල වැඩ කොටසක් සිදු කළත් රහසිගත භාවය ආරක්ෂාත කර ගැනීමට අවශ්‍ය නිසා ඒවා ජනතාවට හෝ ජනමාධ්‍යයට නිකුත් කරන්නේ නැහැ.

නමුත් එවිට සිදු වන්නේ රජය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නවා යැයි මතයක් නිර්මාණය වීමයි.

රහසිගත භාවය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය බැවින් රජය සහ ආරක්ෂනක අංශ දෝෂාරෝපණයට ලක්වෙමින් සිටින බවත් සිහිපත් කළ යුතුයි.“

Read more

Local News