මංගල කුඩා දරුවෙක් නෙවෙයි

Share

රටේ නොසන්සුන්තාවය ඇති වී මසකට ආසන්න කාලයක් ගත වී ඇතිමුත් තවමත් රට අස්ථාවර තත්ත්වයක පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

අද (15) කෙළඹ පැවති මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්තී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවසීය.

යම් කිසි නොසන්සුන් තාවයක් ඇති වු විගස ඇදිරිනීතිය පැනවීම මිස රජයට වෙනත් විසදුමක් නොමැති බවද ඒ මහතා පවසයි.

පසුගිය කාලය පුරාම ආණ්ඩුවේ ඇමැතිවරු කළේ පරස්පර විරෝධී ප්‍රකාශ බැවින්  ජනතාව පිළිගනු ලබන්නේ හිටපු හමුදාපතිගේ, වත්මන් හමුදාපති, ආරක්ෂක අංශ පවසන දෙය පමණක් බවද ඒ මහතා පවසයි.

ජනතාව පීඩනයට පත්වී සිටින අවස්තාවක ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බව පැවසීමෙන් ජනතාව කුපිත වන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ ආන්ඩුවේ ඇමැතිවරයෙක් රටේ ප්‍රදාන ආගම බුද්ධාගම නොවන බව පැවසීම ගැන කණගාටු වන බවයි.

එහිද අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා  පැවසුවේ එවැනි ප්‍රකාශයක් සිදු කිරිමට මංගල සමරවිර අමාත්‍යවරයා කුඩා දරුවේකු නොවන බවයි.

දැනදැනම මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ බෞද්ධ ජනතාව ඇවිස්සීමේ අරමුණින් බවද ඒ මහතා පැවසීය.

Read more

Local News