සිංහල ත්‍රස්තවාදයකට රට තුළ ඉඩක් නෑ

Share

මුස්ලිම් ත්‍රස්තවාදයකට මෙන්ම සිංහල ත්‍රස්තවාදයකටද රට තුළ ඉඩක් ලබා නොදියයුතු බව කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පවසයි.

කොළඹ නගර සභා පරිශ්‍රයේ පැවති වැඩ සටහනකට එක් වෙමින් ඇය මේ බව සඳහන් කළේය.

මුස්ලිම් ජාතිකයින් ත්‍රස්ථවාදීන් නොවන බවත්, සියලු මුස්ලිම් ජාතිකයින් අන්තවාදීන් නොවන බවත් පැවසු ඇය අපි අතරේ අපි සමඟ බොහෝ අය මුස්ලිම් ජනතාව සිටින බවත් අද වන විට විවිධ බලපෑම් තුළින් සිංහල ත්‍රස්ථවාදීන් නැගිටලා සිටින බව ද සඳහන් කළේය.

එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ඒ වෙනුවෙන් නැගිටිය යුතු බව ද රෝසි සේනානායක මහත්මිය කියා සිටියේය.

ජාතික ගීතය ඉතා ආඩම්බරයෙන් ගායනා කළ යුතු බවත් අපි එහි අරුත අනුව කටයුතු කරනවා නම් ජීවිතයකට හානියක් කරන්නේ කෙසේ ද යනුවෙන්  ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Read more

Local News