ලෝක කුසලානයේ තරඟ පාවාදෙන්නන්ට අයි.සී.සී.යෙන් කරන්න යන දේ මෙන්න

Share

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයන් විසින් සිදුකරනු ලබන මුදලට තරඟ පාවාදීම් හා පෙලඹවීම යන කරුණු වැළැක්වීමේ අරමුණින් යුතුව මෙම තරගාවලියට සහභාගි වන සෑම කණ්ඩායමක් සඳහාම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) දූෂණ මර්දන ඒකකයේ නිලධාරියකු අනුයුක්ත කිරීමට අයි.සී.සී.ය පියවර ගෙන ඇත.

ඒ අනුව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරඟ ආරම්භ වීමට පෙර අදාළ නිලධාරීන් කණ්ඩායම් සමඟ එක් වීමට නියමිතව ඇති අතර, ඔවුන් එම කණ්ඩායම් සමඟින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසානය දක්වා රැඳී සිටීමට නියමිතය.

තවද එම එක් එක් නිලධාරීන් තමන් අනුයුක්ත කළ කණ්ඩායම සමඟ ඔවුන් රැඳී සිටින හෝටලයේම නවාතැන් ගැනීමද එම කණ්ඩායම් අදාළ පුහුණු සැසි සඳහා සහ ක්‍රිකට් තරඟ සඳහා සහභාගි වීමේදී ද ඔවුන් සමඟින්ම රැඳී සිටීමද විශේෂත්වයකි.

එමඟින් ක්‍රීඩකයන් සහ අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අතර සුහදතාව වඩාත් වර්ධනය වීම මඟින් තම ප්‍රධාන අරමුණ වන දූෂණයෙන් තොර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම සාර්ථක කර ගත හැකි වේ යැයි එම ඒකකය විශ්වාසය පළ කරයි.

Read more

Local News