මිහින්තලා රජමහා විහාරස්ථානයට ප්‍රමාණවත් තරම් ආරක්ෂවක් නෑ

Share

මිහින්තලා රජමහා විහාරස්ථානයට ප්‍රමාණවත් තරම් ආරක්ෂවක් නොමැති බව විහාරධිපති පුජ්‍ය වලවා හැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසයි.

උන්වහන්සේ කියා සිටියේ, මෙය හාමුදුරුවන්ට ආරක්ෂාව ඕන නිසා පවසන දෙයක් ලෙස ඇතැමුන් ප්‍රකාශ කිරීමට ඉඩ ඇති බවයි.

මිහින්තලා රජමහා විහාරස්ථානය පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වාහන්සේ මේ බව සඳහන් කළේය.

කෙසේ වුවත් තමන් තනිවම ගමන් බිමන් යන බවත් පැවසු උන්වහන්සේ, තමාට ආරක්ෂාවක් උවමනා නැති බවත් කියා සිටියේය.

හතර වටින්ම ඇති වනාන්තරය හේතුවෙන් පන්සල් භූමියට ඕනෑම මොහොතක ඇතුල් විය හැකි බවත් පැවසු උන්වහන්සේ කිසි විටෙකත් මිහින්තලේ පන්සලට විශේෂ ආරක්ෂාවක් යොදා නොමැති බව ද පැවසීය.

Read more

Local News