වෙඩි තැබීමකින් අයෙක් මරුට – 2කට තුවාල

Share

ලුණුගම්වෙහෙර පොලිස් වසමේ, කුඩා ගම්මාන 01-02, පවම් ඉවුර, බෙරලිහෙල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවට වාර්තා වෙයි.

ඊයේ(16) රාත්‍රී 09.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ලුණුගම්වෙහෙර බෙරලිහෙල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර නිවසේ පැවති මත්පැන් සාදයකදී ඇති වූ බහින්බස් වීමක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි පොලීසිය පැවසුවේ .

සිද්ධියෙන් මියගොස් ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක්.

ලුණුගම්වෙහෙර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Read more

Local News