සතොසේ වාහන අන්තවාදි ක්‍රියා සඳහා යොදා ගත්තද ?

Share

සතොසට අයත් වාහන කිහිපයක් මුස්ලිම් ජාතිකයන් සිව් දෙනෙකු රැගෙන නැගෙනහිර පළාතේ සැකකටයුතු ස්ථාන කිහිපයක ගමන් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව හිටපු අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස පොලීසියට දැනුම් දුන් බව අමාත්‍යවරයා ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

හිටපු අමාත්‍ය එස් .බී දිසානායක මහතා ඉල්ලා සිටියේ සතොසේ වාහන අන්තවාදි ක්‍රියා සඳහා යොදාගත්තේ දැයි විමර්ශනයක් කරන ලෙසයි.

මේ අතර අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා සතොස ආයතනයේ වංචා කිහිපයකට සම්බන්ධ බවට තොරුතුරු ලැබී ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම තුර්කියේ සිට පැමිණි ත්‍රස්තවාදී ව්‍යාපරයකට සම්බන්ධ 50 දෙනෙකු පමණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට එරෙහිව රිෂාද් බදියුදීන් අමාත්‍යවරයාගේ බලපෑමක් ඇති බවට රාජ්‍ය අමාත්‍යවරයෙකු විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බවද එස්.බී දිසානායක අමාත්‍යවරයා සඳහන් කළේය.

Read more

Local News