සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය අද

Share

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය අද (21) ආරම්භ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ සම්බන්ධ පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිය බිරිඳ වන ග්‍රේස් මුගාබේට ව්‍යවස්ථාදායක බලය අයුතු ලෙස පැහැර ගැනීමට ඉඩ දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට චෝදනා එල්ල විය.

තමාගෙන් පසුව ජනාධිපති ධුරයට ග්‍රේස් මුගාබේ පත් කිරීමට, රොබට් මුගාබේ අපේක්ෂා කළේය. ඔහු පසුගිය දා එරට උප ජනාධිපතිවරයාවද ධූරයෙන් පහ කරනු ලැබීය.

ඉන් පසු ජනාධිපති මුගාබේ නිවාස අඩස්සියට ගත් හමුදාව එරට පාලන බලය අත්පත් කරගනු ලැබීය. එමෙන්ම ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා පාලක සානු – ජී එෆ් පක්ෂය මුගාබේට ඊයේ වනතුරු කාලය ලබා දී තිබුණි.

Read more

Local News