දේශපාඥයින් අතින් වන්දි ගන්න බෑ

Share

කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවීමේ අවස්ථාව ආවරණය කිරීමට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කැඳවා ප්‍රචාරණාත්මක දේශපාලන වාසි ලබා ගැනීමට යොදා ගැනීමේ උත්සාහයට විරෝධය පළකරන බව ප්‍රකාශ කරමින් වන්දි ලාභීන් පිරිසක් වන්දි ගෙවීමේ උත්සවය වර්ජනය කර පිටව ගියහ.

තමන්ගේ දෙමවුපියන් දෙදෙනා සහ දරුවා අහිමිවූ කටුවපිටිය නිර්මල මාවතේ පදිංචි යුවළක් පිටවගියේ ප්‍රචාරක වැසි ලබාගැනීමට පැමිණෙන දේශපාලකයන් අතින් වන්දි මුදල් ලබා නොගන්නා බවද ප්‍රකාශ කරමිනි.

පාස්කු ඉරිදා කටුවපිටිය දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 147 දෙනෙකු සදහා මිලියන 122 ක්  සහ තුවාල ලැබූ පුද්ගලයන් 170 දෙනෙකුට මිලියන 18.1 ක් වශයෙන් ගෙවනු ලබන වන්දිමුදලේ  අවසන් වාරිකය ගෙවීම අද දහවල් මීගමුවේ කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී පැවැතිවිණි.

ඒ  සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි. හානිපුර්ණ කාර්යාලය විසින් මෙම වන්දි ගෙවීමේ කටයුතු සංවිධානය කර තිබුණි තවමත් පුර්ණ සුවය නොලැබූ තුවාලකරුවන්ද වන්දි ලබාගැනීමට පැමිණ සිටි පිරිස අතර විය.

හානිපුර්ණ කාර්යාලය විසින් වන්දි ලාභින්ට අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලිපියක් මගින් දන්වා යවා නොතිබුණි.  මෙ නිසා නියමිත ආසනවල අසුන් ගැන්වීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය.

වන්දි ලාභින් කටාන ආසනයේ පදිංචිකරුවන් වුවත් වන්දි ලබාගැනීම සඳහා තවමත් හරිහැටි සුවනොවූ රෝගීන්ට කුලී වාහන වලින් පැමිණීමට සිදුව තිබුණි. ආරාධිත අමුත්තන් අතර එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාද විය.

Read more

Local News