වැල්ලවායේ අනතුරකින් තිදෙනෙකුට තුවාල

Share

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය ගංගාරාම විහාරස්ථානය අසලදී ඊයේ(16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් තුවාල ලබා ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් ගත් දෙදෙනකු සහ ලොරි රථයේ රියදුරු බව පොලිසිය පවසයි.

ඔවුන් වැල්ලවාය වෙහෙරයාය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනතුරින් පසු තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් කර ඇති අතර පසුව ඉන් දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල මහ රෝහලට මාරු කර යවා තිබේ.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන වැල්ලවාය පොලිසිය සිදු කරයි.

Read more

Local News