පියා පුතා මරයි

Share

රක්වාන අල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිය පුත්‍රයාට පහර දී ඝාතනය කර තිබෙන බවට වාර්තා වෙයි.

ඇති වු බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් බීමත්ව සිටි පුත්‍රයාට මෙලෙස උදැල්ලකින් පහර දී ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පහර කෑමට ලක්ව බරපතල තත්ත්වයේ පසුවු අදාළ පුද්ගලයා කහවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි අල්පිටිය, ගොඩකවෙල ප්‍රදේශ පදිංචි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පියා අත්අඩංගුවට ගෙන ඇති අතර රක්වාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News