කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් නාවික හමුදා අත්අඩංගුවට

Share

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ(19) දින කල්පිටිය ප්‍රදේශ‍යේදී සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා ග්‍රෑම් 100 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව සිදු කළ වැටලිමකදි මෙම කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 26 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හදුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගයා සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පුත්තලම, පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණි.

තවද, ජනාධිපතිතුමාගේ ‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහනේ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ සම්පුර්ණ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී ඇත.

ඒ අනුව, නාවික හමුදාව දිවයින පුරා විවිධ ප්‍රදේශවල මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් සඳහා ද නිරන්තරයෙන් දායක වේ.

Read more

Local News