බොහෝ පළාත්වලට අද පස්වරු 2.00න් පමණ පසු වැසි

Share

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. එමෙන් ම උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල ද තැනින් තැන උදය කාලයේ දී ද වැසි ඇති විය හැකිය.
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් දක්නට ලැබේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර ම අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Read more

Local News