Microsoft සමාගමේ සේවාවන්හි ඇති වූ ගෝලීය බිඳවැටීමක් හේතුවෙන් ලොව පුරා පරිශීලකයන්ට බලපෑම් එල්ල වී තිබේ. එම සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට සමාගම දැඩි උත්සාහයක නිරත වෙමින් සිටියි.
Teams, Outlook සහ Microsoft හි AI මෘදුකාංගයක් වන Copilot ඇතුළු සේවාවන් රැසකට සම්බන්ධතා ගැටලු හේතුවෙන් බාධා එල්ල වී තිබේ.
X සමාජ මාධ්‍යය ඔස්සේ නිකුත් කළ නවතම යාවත්කාලීන කිරීමේදී Microsoft ආයතනය සඳහන් කළේ, බලපෑමට ලක් වූ පද්ධති නැවත ආරම්භ කිරීමේ උත්සාහයන්හිදී “ධනාත්මක ප්‍රතිඵල” දක්නට ලැබෙන බවයි. එම පද්ධතිවල ක්‍රියාකාරිත්වය ද සමාගම අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටියි.
Microsoft හි සේවාවන් වෙනත් තාක්ෂණික සේවාවන් රැසක් සමඟ ඒකාබද්ධ කර ඇති බැවින්, මෙම බිඳවැටීම අනෙකුත් ප්‍රධාන තාක්ෂණික වේදිකාවලට ද බලපා තිබේ.
AI ක්ෂේත්රයේ ප්‍රධාන සමාගමක් වන OpenAI සඳහන් කළේ, Microsoft සේවාවන් සමඟ ඇති සම්බන්ධතාවලට බලපාන ගැටලුවක් පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවයි. මේ හේතුවෙන් එහි ඇතැම් මෙවලම් අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක නොවන බව ද සඳහන් කර තිබේ.
Anthropic සමාගම ද Microsoft 365 සේවාවන් සමඟ ඇති සම්බන්ධතාවලට බලපාන ගැටලුවක් හඳුනාගෙන ඇති බව ප්‍රකාශ කළේය.
Share
Read more



