ගෝලීය දේශගුණික ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට චීනයෙන් සිව් වැදෑරුම් යෝජනාවලියක්

Share

චීන උප ජනාධිපති Han Zheng, 31 වැනි එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට (COP31) සමගාමීව තුර්කියේ පැවති නායක සමුළුවට සහභාගි වෙමින් ඊයේ (11) ප්‍රකාශයක් ඉදිරිපත් කළේය. දේශගුණ විපර්යාසවලට ප්‍රතිචාර දැක්වීම සමස්ත මානව වර්ගයාටම පොදු කාරණයක් බව චීන ජනාධිපති ෂී ජින්පිං පෙන්වා දී ඇතැයි Han Zheng එහිදී පැවසීය. වර්තමානයේ පවතින නව තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් Han Zheng කරුණු හතරකින් සමන්විත යෝජනාවලියක් එහිදී ඉදිරිපත් කර ඇත.
පළමුවැන්න, පොදු අරමුණු කෙරෙහි අවධානය යොමු කර සාමූහික ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමයි. සංවර්ධිත රටවල් හරිතාගාර වායු විමෝචනය අවම කිරීමේදී පෙරමුණ ගත යුතු බව Han Zheng පැවසීය. දෙවැන්න, හරිත පරිවර්තනය වේගවත් කර කාබන් අවම සංවර්ධන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමයි. 2030 වසර වන විට සමස්ත විදුලි උත්පාදනයෙන් පොසිල නොවන බලශක්ති ප්‍රභවයන්ගේ කොටස සියයට 50ක් දක්වා ඉහළ නැංවීම ඇතුළු ඉලක්ක චීනය සකස් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. තුන්වැන්න, දේශගුණ විපර්යාස ආශ්‍රිත ආපදා වළක්වා දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමයි. දේශගුණික අවදානම් වළක්වා ගැනීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට චීනය විසින් සංවර්ධනය කරන ලද MAZU පූර්ව අනතුරු ඇඟවීමේ විසඳුම තවත් රටවල භාවිතය සඳහා ප්‍රවර්ධනය කිරීමට චීනය සූදානම් බව ද ඔහු සඳහන් කර ඇත. සිව්වැන්න, විවෘතභාවය සහ අන්තර්කරණයෙන් ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීමයි.

Read more

Local News