වේගෙන් ආ ත්‍රීරෝද රිය ප්‍රපාතයට

Share

හැටන් දික්ඔය ප්‍රධාන මාර්ගයේ අළුත්ගම ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තකට පෙරළි අනතුරක් සිදුව තිබේ.

අනතුරකන් තුවාල ලැබු එහි රියදුරා දික්ඔය රජයේ මුලික රෝහලට ඇතුලත් කල බව පොලීසිය පවසයි.

අනතුරට පත් ත්‍රීරෝද රථය දික්ඔය -කාසල්රී ඔස්බෝන් තේවත්ත ප්‍රදේශයේ සිට හැටන් නගරය වෙත පැමිණ යන යන අතර තුරදී අද (20) දහවල් 12.40 ට පමණ අනතුරට පත්ව ඇත.

එම ත්‍රීරෝද රථය වේගයෙන් ධාවනය කරමින් තිබිය දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 15 ක් පමණ වු බෑවුමකට පෙරලී තිබේ.

එම අවස්ථාවේ තරුණයින් දෙදෙනෙකු කාන්තාවක් හා කුඩා දරුවෙකු ද රථයේ සිට ඇති අතර ඔවුන්ට හානියක් වී නොමැති අතර හැටන් පොලීසිය පරික්ෂණ පවත්වයි.


Read more

Local News