සිහිනයෙන් දුටු අංකවලට ලොතරැයි දිනුමක්

Share

ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු මීට වසර 13කට පෙර සිහිනෙන් දුටු අංක කිහිපයක් සටහන් කරගෙන ඒ අංක ඔස්සේ ලබාගත් ලොතරැයි පතකට දිනුමක් ඇදුණු පුවතක් වාර්තා වෙයි.

ඒ අනුව, ඔහු එදා සිටම මෙම අංක ඇති ටිකට්පත් සොයමින් ඒ ආසන්නයෙන් යන ටිකට්පත් ලබාගැනීම අරඹා ඇත.

ඔහු අන්තර්ජාලය හරහා අවසන් වරට ගත් ලොතරැයි පතේ අංක පරීක්ෂා කිරීමේදී ඒ ඔස්සේ ඔහු නොසිතූ දැවැන්ත ත්‍යාග මුදලක් ඔහුට හිමිව තිබුණි.

කෙසේ වෙතත්, මේ ආකාරයෙන් සිහිනයෙන් දුටු අංක ඔස්සේ ලොතරැයි පත් මිලදී ගෙන ජයග්‍රහණ ලැබූ පුද්ගලයන් පිළිබඳ මීට පෙරත් වාර්තා වී තිබුණි.

මෙම මස මුලදී ඇමෙරිකානු කාන්තාවක්ද තමන් සිහිනෙන් දුටු අංක ඔස්සේ ලොතරැයි පතක් මිලදී ගෙන ඇයට ඩොලර් ලක්ෂයකට වැඩි දිනුමක් ඇදී තිබුණි.

Read more

Local News