Tuesday, March 19, 2024.

එළ ගවයින් මරණයෙන් නිදහස් වෙයි – ඡායාරූප

Share

වැල්ලවාය තෙලුල්ල බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දී වෙසක් පොහෝ දිනට සමගාමිව මරණයට කැප වූ එළ ගවයින් දහතුන් දෙනෙකු නිදහස් කර එම ගවයින් ප්‍රදේශයේ දුප්පත් පවුල් වලට භාර දීමේ උතුම් පුණ්‍යකර්මයක් පැවැත්වීණි.

මෙම උතුම් සත්ක්‍රියාව රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙනෙහි විහාරාධිපති අචාර්ය මාහිටිපේ විමලසාර හිමිගේ අනුසාසනා පරිදි පුණ්‍යකර්මය සිදු කර ඇත.

මෙහිදී එම ගවයින් නිදහස් කර ගැනිම වෙනුවෙන් ගවයින්ගේ සාමාන්‍ය වටිනාකමට වඩා අධික මුදලක් ගෙවා මෙම ගවයින් නිදහස් කරගත් බව සංවිධායකයින් පවසයි.

ඉදිරි දින වලදීද තවත් ගවයින් කිහිප දෙනෙකුම නිදහස් කර අසරණ පවුල් වෙත ලබා දෙන බව සංවිධායකයින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

Read more

Local News