Home දේශීය පුවත් ශ්‍රී පාද අවාරයේ ආරක්ෂාවට ආරක්ෂක වැඩපිළිවෙලක්

ශ්‍රී පාද අවාරයේ ආරක්ෂාවට ආරක්ෂක වැඩපිළිවෙලක්

0
ශ්‍රී පාද අවාරයේ ආරක්ෂාවට ආරක්ෂක වැඩපිළිවෙලක්

ශ්‍රි පාද අවාරයේ ශ්‍රි පාද මළුවේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් දියත් කර ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසිය.

ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ ඉල්ලිමක් පරිදි ශ්‍රි පාද වන්දනා සමයේදි හැටන් මාර්ගයේ ස්ථාපනය කර තිබු ගුගුලතැන්න, රතුඅම්බලම සහ ඉදිකටුපහන යන ප්‍රදේශවල පොලිස් මුරපොරවල් වල 2019- 2020 වර්ෂය සඳහා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ වනතෙක් පොලිස් නිලධාරින් රාජකාරි සඳහා පොලිස් නිලධාරින් යොදවා ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

ශ්‍රී පාද අවාරයේ හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද සංචාරයේ නියැලෙන සංචාරකයන් නල්ලතන්නිය පොලිසියේ ලියාපදිංචිකර දැඩි පරික්ෂාවකට ලක් කිරිමෙන් පසු ශ්‍රී පාදස්ථානය සංචාරය කිරිමට අවස්තාව ලබාදෙන බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

ශ්‍රී පාද අවාරයේ ශ්‍රී පාදස්ථානය සංචාරය නොකරන ලෙසට ශ්‍රී පදස්ථානාධිපති හිමියන් විසින් සංචාරකයන්ගෙන් ඉල්ලිමක්ද කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here