ඉන්දුනීසියානු ජනපති ධූරය ජොකෝ විඩෝඩෝට

Share

ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ලෙස ජොකෝ විඩෝඩෝ යළි තේරී පත් වී තිබේ.

පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ප්‍රතිවාදී අපේක්ෂක ජනරාල් ප්‍රභාවෝ සුබියන්ටෝ පරාජයට පත්ව ඇති බව වාර්තා වන්නේය.

67 හැවිරිදි ප්‍රභාවෝ එම ප්‍රතිඵලයට අභියෝග කරන්නේ ද යන්න පිළිබද මෙතෙක් තහවුරු කර නැහැ.

ජොකෝ විඩෝඩෝ සියයට 55යි දශම 5ක ඡන්ද ප්‍රතිශතයක් ද ප්‍රභාවෝ සියයට 44යි දශම 5ක ඡන්ද ප්‍රතිශතයක් ද ලබා තිබේ.

මිලියන 192ක පිරිසක් ඡන්දය සදහා සුදුසුකම් ලබා තිබූ අතර ප්‍රාදේශීය සහ ජාතික මට්ටමේ මහජන නියෝජිතයින් 20,000ක් ද එහිදී තෝරා ගැණුනි.

Read more

Local News