ඉඩම් අමාත්‍යාංශය සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය අතර සාකච්ඡාවක්

Share

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයට රජය විසින් පවරාදී ඇති ඉඩම් කොටස් කිහිපයක් පිළිබඳව පැන නැගී ඇති ගැටලු විසදා ගැනීමට විශේෂ සාකච්ඡාවක් ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
මේ යටතේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ව්‍යාපෘති සඳහා පවරාදී ඇති ඉඩම් කොටස් කිහිපයක් සම්බන්දයෙන් සාක්ච්ඡාවූ අතර එම ගැටලුව කඩිනමින් නිරාකරණය කිරීමට ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ විසින් නිළධාරින්ට විශේෂ උපදෙස් ලබාදුණි.
මෙම සාකච්ඡාවට ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා හා එම අමාත්‍යාංශ ලේකම්වරිය, පශු සම්පත් මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරින්, ඉඩම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුම්වරයා ඇතුලු එහි නිලධාරින්, ඉඩම් කොමසාරිස් ජෙනරාල්තවරිය, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු එහි නිලධාරින් එක්වූහ.

Read more

Local News