ප්‍රහාර පිටුපස ආණ්ඩුව සිටිනවා දැයි සැකයි

Share

පසුගියදා එල්ලවු ප්‍රහාරවලට සම්බන්ධ වැරදි කළ අයට පමණක් දඩුවම් කර අහිංසක පුද්ගලයින් නිදහස් කරන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මිනුවන්ගොඩ පොතගුල් මහා විහාරයේ විහාරාධිපති බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යෙව්දියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

සම්පූර්ණයෙන්ම මෙම ප්‍රහාරයන්ට ආණ්ඩුව වගකිව යුතු බවත්, ආණ්ඩුවේ දුර්වලකමක් බවත් පැවසු මන්ත්‍රීවරයා ISIS ත්‍රස්ථවාදීන් ක්‍රියාකාරකම් කරන බවට විදේශීය බුද්ධි අංශ දැනුවත් කරත් ඒවා සැලකිල්ලට නොගැනීම නිසා අහිංසක මිනිසුන් මිය ගිය බව ද පැවසීය.

ඒ සිදුවීමෙන් පසුව ආණ්ඩුව කටයුතු කර නොමැති බවත් ඒ තුළින්ම ආණ්ඩුව කටයුතු කර ඇති ආකාරය තේරුම් යන බව ද පැවසු මන්ත්‍රීවරයා, මෙම ප්‍රහාර පිටුපස ආණ්ඩුවම සිටිනවා දැයි සැකයක් මතුව ඇතැයි ද කියා සිටියේය.

පල්ලිවලින් හමුවු කඩු ආදිය ගැන වාරණ නියෝග මත කථා කිරීම පවා ආණ්ඩුව විසින් අත්හිටවු බව ද පැවසු මන්ත්‍රීවරයා, ඒ සියල්ල යටපත් කරමින් අද වන විට මිනුවන්ගොඩ ගැටළුම පමණක් කථා කරන බව ද පැවසීය.

කෙසේ වෙතත් මිනුවන්ගොඩ සිදුවීම කරපු අය බේරිලා අද වන විට වෙනත් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ද ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.

Read more

Local News