කුඩුත් එක්ක පුද්ගලයෙක් හෝමාගම දී අත්අඩංගුවට

Share

හෝමාගම පොලිස් වසමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 1 හා ග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත ඊයේ(21) රාත්‍රීයේ මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී හබරකඩ ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු නවතා පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී මෙම හොරොයින් තොගය සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27 ක් වු පුද්ගලයෙකි.

සැකකරු අද(22) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව ද පොලීසිය පවසයි.

Read more

Local News