ලංකා කම්කරු කොන්ග්‍රසය, කාදිනල් හිමිට පුර්ණ සහය දෙයි

Share

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් ප.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් පිරිසක් අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවි සාකච්ඡාවක් පැවැත්වු බව ලංකා කම්කරු කොන්ග්‍රසය පවසයි.

අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ කොළඹ පිහිටි නිල නිවසේදි ඊයේ  (21) දින පස්වරුවේ හමු වු ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයා පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්තවාදි ප්‍රහාරය පිළිබඳව වතුකරයේ ජනතාවගේ ශෝකය ප්‍රකාශ කර ඇත.

රටේ සාමය ඇති කිරිමට අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගෙන යන සාම වැඩපිළිවෙලට ලංකා කම්කරු කොන්ග්‍රසයේ පුර්ණ සහයෝගය ලබාදෙන බව ආරුමුගන් තොණ්ඩමන් මන්ත්‍රිවරයා අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙත පවසා ඇත.

මෙම අවස්ථාවට ඌව පළාත්  හින්දු සංස්කෘතික අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් ,ජිවන් තොණ්ඩමන් ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රසයේ  ජ්‍යෙෂ්ඨ  නායකයින් රැසක් සහභාගි විය.

Read more

Local News