රාජ්‍ය භාෂා දිනයක් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Share

රාජ්‍ය භාෂා දිනයක් හා ඊට සමගාමීව රාජ්‍ය භාෂා සතියක් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති අනුව සිංහල හා දමිල භාෂා, රාජ්‍ය හා ජාතික භාෂා ලෙසත් ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව ලෙසත් භාවිත කරනු ලබයි.

එමඟින් අපේක්ෂිත ප්‍රතිලාභ තවදුරටත් ඉස්මතු වීම සඳහා රාජ්‍ය භාෂා දිනයක් හා ඊට සමගාමී සතියක් ප්‍රකාශයට පත් කොට වාර්ෂිකව සැමරීම සුදුසු බවට යෝජනා වී තිබුණි.

ඒ අනුව ජුනි මස 03 වන දින රාජ්‍ය භාෂා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට හා එදින සිට පුරා සතියක් රාජ්‍ය භාෂා සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජාතික ඒකබද්ධතා, රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

Read more

Local News