ග්‍රෑන්ඩ්පාස්හි ගැටුමට හේතුව මෙන්න – ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Share

ග්‍රෑන්ඩ්පාස්-වෙහෙරගොඩැල්ල-කම්බි තොටුව ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් මත පුද්ගලයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් එහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(21) රාත්‍රි 10.50 ට පමණ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් 46 හැවිරිදි පුද්ගලයෙකු මියගිය අතර, තවත් දෙදෙනෙකු තුවාල ලැබීය.

මෙම ඝාතනය ත්‍රීරෝද රථයක් විකිණීම සම්බන්ධයෙන් ඇති වු බහින් බස්වීමක් දුරදිග යෑමෙන් සිදුවී ඇති බවට සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මෙහි ප්‍රධාන සැකකරු කැපුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ සිටිය දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දැනට පොලිස් ආරක්ෂාව යටතේ ඔහු ප්‍රතාකාර ලබන බව ද පොලීසිය සඳහන් කරයි.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News