ඥානසාර හිමිට නිදහස් වෙයිද ?

Share

බොදුබල සේනාවේ මහාලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව දීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු කඩිනමින් සිදුවන බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂක දිලන්ත විතානගේ මහතාගෙන් සඳහන් කළේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට අදාළ ලිපියට ඊයේ (22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කළ බවට වාර්තා වූ බවය.

අදාළ කටයුතු නිසි පරිදි සිදුවී ඇත්නම් අද (23) දිනයේදී ඥානසාර හිමියන් නිදහස් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන අධිකරණ අමාත්‍යාංශයට යැවීමට ද නියමිත අතර, ඉන් අනතුරුව අධිකරණ අමාත්‍යතුමිය විසින් ඒ පිළිබඳව සලකා බලා අදාළ ඉදිරි කටයුතු කිරීමට නියමිතය.

බොහෝ දුරට අද සවස හෝ හෙට දිනයේදී ඥානසාර හිමියන්ට නිදහස ලැබීමට ඉඩ ඇති බවද ප්‍රකාශ වේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ඥානසාර හිමිට වසර 19ක සිර දඬුවමක් නියම වී තිබූ අතර,  එය වසර 06කින් ගෙවී යන බරපතළ සිරදඬුවමක් ලෙසට අධිකරණය මගින් තීන්දුවක් ලබාදී තිබුණි. මෙහිදී ඥානසාර හිමියන්ට චෝදනා 04ක් නීතිපතිවරයා විසින් ගොනුකර තිබුණි.

මේ පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතාගෙන් සිදුකළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ මේ පිළිබඳ කිසිදු තොරතුරක් ඊයේ (22දා) දිනයේදී බන්ධනාගාරයට ලැබී නොමැති බවයි.

හෙට (24දා) දිනයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් වනු ඇතැයි බලාපොරොත්තුවෙන් යම් පිරිසක් පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර තිබෙන බවට වාර්තා වේ.

Read more

Local News