විශේෂ පක්ෂනායක රැස්වීමක් අද(23) පෙරවරුවේ කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදයට දින ලබා ගැනීම මෙම පක්ෂ නායක රැස්වීමේ අරමුණ වී ඇත.
අදාල විවාදය සඳහා දිනයක් ලබා නොදීම හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ(22) පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් පල කළ අතර ඒ හේතුවෙන් අද පෙරවරු 10.30 දක්වා පාර්ලිමේන්තුව කල්තබනු ලැබුවේය.




