විශේෂ පක්ෂනායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන්

Share

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා පැවති විශේෂ පක්ෂනායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වී ඇත.

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 09.30 ට පක්ෂ නායක රැස්විම ආරම්භ වුණි.

මිනිත්තු 45ක පමණ කාලයක් පක්ෂ නායක රැස්වීමේදී පැවතියද විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බව වාර්තා වෙයි.

විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සදහා දිනයක් ලබා නොදීම හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් පල කළ අතර ඒ හේතුවෙන් අද පෙරවරු 10.30 දක්වා පාර්ලිමේන්තුව කල්තැබීමට ද පියවර ගනු ලැබුවේය.

මේ වන විට කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වී ඇත.

Read more

Local News