කොහුවල-ගැටඹේ ගුවන් පාලම් හදන්න අනුමැතිය

Share

කොහුවල සහ ගැටඹේ මංසන්ධිය ආශ්‍රිතව පවතිව අධික වාහන තදබදයට විසදුමක් ලෙස ගුවන් පාලම් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හමුව තිබේ.

මෙම ඉදිකිරීම් සඳහා අවශ්‍ය අරමුදල් හංගේරියානු රජයේ අරමුදල් සහාය සහිතව සලසා ගැනීමේ ණය ගිවිසුම්වලට එළඹීමටත් අනුමැතිය හිමිව ඇත.

ගුවන් පාලම් සැලසුම් කිරීම හා ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව හංගේරියාවේ Betonutepioපොදු සමාගම වෙත යුරෝ මිලියන 52ක මුදලකට පිරිනැමීමට අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට ද අනුමැතිය හිමිව තිබේ.

ඒ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරගන්නා ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදිය.

Read more

Local News