මාරවිල උඩුබද්දාව මාර්ගයේ උඩුබද්දාව දෙස සිට නාත්තන්ඩිය දෙසට ධාවනය වු පුද්ගලික බස් රථයක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේ.
මෙම අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් මියගොස් ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබු කාන්තාව මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.
මරණයට පත්ව ඇත්තේ වයස 62ක් වු කොලණිය, අතුන්ගහකොටුව ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මාරවිල පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.