මියන්මාරයේදී පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

පසුගිය අප්‍රේල් 21 දා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙක් ඊයේ (23) දින මියන්මාරයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු අබ්දුල් සලාම් ඉර්ෂාඩ් නැමැති 39 හැවිරිදි අයෙකි.

මියන්මාර්හි යැන්ගූන් නුවර ආගමන විගමන කාර්යාලය වෙත අදාළ සැකකරු පැමිණ ඇති අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මියන්මාරයේ සංචාරක පොලීසිය විසින් පසුගිය බදාදා සියලුම හෝටල් වෙත දැනුම් දීමක් සිදුකර ඇත.

එසේම එරට සංචාරක පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ අදාළ සැකකරු වීසා බලපත්‍ර වලංගු කාලයට වඩා වසරකුත් මාස 2ක කාලයක් මියන්මාරයේ පදිංචිව සිට ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් මියන්මාර රජය වෙත දැනුම් දීමක් සිදු කර තිබුණේද යන්න තවමත් නිශ්චිතව අනාවරණය වී නොමැත.

Read more

Local News