ටිපර් රථයකට යටවී කාන්තාවක් ජිවිතක්ෂයට

Share

ධාවනය වෙමින් තිබු ටිපර් රථයකට යටවී කාන්තාවක් ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පවසයි.

බගවන්තලාවේ-හැටන් කුඩාගම දක්වා ධාවනය වූ ටිපර් රථයකට හැටන් නගර මධ්‍යයේදි අද(24) දහවල් 12.15 ට පමණ මාර්ගය හරහා මාරු විමට ගිය යාචිකාව ටිපර් රථයේ දකුණු පස ඉදිරි රෝදරයට යට වී එම ස්ථානයේම මියගොස් ඇත.

රියදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදු වි ඇති බව පොලීසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් අදාළ ටිපර් රථයේ රියදුරා හැටන් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News