විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරුට පළා යෑමට ආධාර දුන් යාපනයේ DIGට නඩු

Share

යාපනයේ විද්‍යා සිසුවිය පැහරගෙන ගොස් අතරවර කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යෑමට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් යාපනය හිටපු ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අද (24) යාපනය මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

එමෙන්ම ලලිත් ජයසිංහ මහතාට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් ශ්‍රී ගජන් නැමැත්තකුට එරෙහිවද මෙම නඩුවෙන්ම නීතිපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා ගොනු කර ඇත.

Read more

Local News