කපමින් සිටි ගසකට යට වීමෙන් එක්දරු පියෙක් ජීවිතක්ෂයට

Share

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ මහගොඩයාය ප්‍රදේශයේ දී ගසකට යට වීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී ඇත.

මෙම පුද්ගලයා විසින් ගසක් චෙන්සෝ යන්ත්‍රයක් මඟින් කපමින් සිට ඇති අතර එම ගසෙහිම අත්තකට යට වීමෙන් මෙම පුද්ගලයා මියගොස් තිබෙන බවටයි වර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ මදුරුකැටිය මොණරාගල ලිපනයේ පදිංචි වයස අවුරුදු 29ක එක්දරු පියෙකි.

මියගිය පුද්ගලයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනියම් සේවකයෙකු ලෙස සේවය කරන අයෙක් වන අතර මෙම අනතුර සිදු වන අවස්ථාවෙදී අමතර වැඩක් සඳහා ගස් කැපීමට ගොස් තිබේ.

බුත්තල පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

Read more

Local News