නීති වි‍රෝධීව සංක්‍රමණය විමට උත්සහ කළ 41 ක් අත්අඩංගුවට

Share

නාවික හමුදාව විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති වි‍රෝධී ලෙස මෙරටින් සංක්‍රමණය විමට උත්සහ කළ පුද්ගලයින් 41 ක් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ ‍සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් යාත්‍රා කරන බව නාවික හමුදාව නිරීක්ෂණය කොට ඇති අතර, එම යාත්‍රාව පරික්‍ෂා කිරීම සඳහා නාවික හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් දියත් කරන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2019 මැයි 23 වන දින අළුයම දෙවුන්දරතුඩුව ප්‍රදිපාගාරයට නාවික සැතපුම් 715 ක් දුරින් යාත්‍රා කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් සහ මෙරටින් සංක්‍රමණය විමට උත්සහ කළ පුද්ගලයින් හතලිස් එක්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු සහ කාන්තාවන් 06 දෙනෙකු ඇතුළත් අතර, මෙම පිරිසට වසය අවුරුදු 06 ත් 16 ත් අතර ළමුන් 07දෙනෙකු ද ඇතුළත් වේ.

අනෙක් පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 50 ත් අතර වසය් කාණ්ඩවල පසුවන පුද්ගලයන් වන අතර, මෙම පිරිස නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය විමට උත්සහා කළ බව සැක කෙරේ.

නාවික හමුදා විමර්ෂණ කටයුතු සහ වෛද්‍ය පරික්‍ෂණයකින් අනතුරුව මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල ආයතන වෙත යොමු කිරීමට නියමිතය.

තවද, රටේ සිදුවු අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරවලට ආධාර හා අනුබල දුන් අපරාධකරුවන් නීති විරෝධිව රටෙන් සංක්‍රමණයවිම සම්බන්ධයෙන් නාවික හමුදාව දැඩි අවධානයෙන් පසුවන බැවින්, නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් කිසිසේත්ම විදේශගත විමට නොහැකි අතර, ඒ සඳහා උත්සාහ ගන්නා පුද්ගලයින් හට මිනිස් ජාවාරමට හසුවිමෙන් ජීවිත අවදානමට ලක්කර ගැනීමටත්, ධනය විනාශ කර ගැනීමටත්, අවසානයේ නීතියෙන් වරදකරුවන් වී බන්ධනාගාර ගතවීමෙන් අනාගතය අඳුරු කරගැනීමටත් සිදු වනු ඇත.

Read more

Local News