සිවිලිමක් මතින් ඇවිදීමට ගිය කාන්තාවක් ඇද වැටී ජිවිතක්ෂයට

Share

මීගොඩ හේනවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මහලයෙන් ඇද වැටී කාන්තාවක් මියගොස් ඇති බවට වාර්තා වෙයි.

මීගොඩ හේනවත්ත ප්‍රදේශයේ නිවසක කුඩා දරුවෙකු රැක බලාගැනීමට පැමිණි 60 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.

නිවසේ උඩු මහලට ගමන් කිරීමට ඇති පඩිපෙල තාවකාලිකව සවිකළ සිවිලිමකින් ආවරණය කර ඇති අතර අදාල කාන්තාව එම සිවිලිම මතින් ගමන් කිරීමට යාමේදී ඉන් ඇදවැටී අනතුරට ලක්ව තිබුණි.

බරපතල තුවාල ලැබූ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

Read more

Local News