පොලීසියේ ඉහළ නිලධාරීන් පහකට ස්ථාන මාරුවීම්

Share

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුට සහ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ජාතික පොලිස් කොම්සමේ අනුමැතිය පරිදි අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඒ අනුව යාපනය කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී යු.පී.කේ.පී කරුණානායක මහතා, නුගේගොඩ කොට්ඨාශය භාර නිළධාරීවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ.

පොලිස් අධිකාරී ටී.ජී. ඩබ්ලිව්. තල්දුව මහතා ඇල්පිටිය කොට්ඨාශයේ සිට යාපනය කොට්ඨාශය භාර නිළධාරීවරයා ලෙස මාරු කර යවා ඇති බව පොලිසිය පැවසුවේය.

මන්නාරම කොට්ඨාශය භාර පොලිස් අධිකාරී එච්.එස්.එන් පීරිස් මහතා ඇල්පිටිය කොට්ඨාශයටත්, පොලිස් අධිකාරී බී.පී.ඒ.වීරසිංහ මහතා මානව සම්පත් කළමනාකරණ කොට්ඨාශ අධ්‍යක්ෂ තනතුරේ සිට මන්නාරම කොට්ඨාශය භාර නිළධාරීවරයා ලෙසත් ස්ථාන මාරු කර ඇත.

මේ අතර නුගේගොඩ කොට්ඨාශය භාර පොලිස් අධිකාරී එස්.පී.රණසිංහ මහතා මානව සම්පත් කළමනාකරණ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

Read more

Local News