මහින්ද බලන්නේ බෝම්බයෙන් ගොඩ යන්න

Share

බෝම්බ ප්‍රහාරයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂය උත්සාහ දරන බව මහා මාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ආමත්‍ය කබිර් හෂිම් මහතා ප්‍රකාශ කරයි.

ඊයේ (25) මාවනැල්ල හෙම්මාතගමදී රුපියල් ලක්ෂ 1825ක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කරන මාර්ග 6 ක වැඩසටහන යටතේ පල්ලිපොරුව වඩුවාවල මාර්ගයේ වැඩ ආරම්භ කිරිමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මහින්ද රාජපක්ෂ මහත්තයාට මම පාර්ලිමේන්තුවේදි ස්තුතිය පුද කලා පාසල් ගියපු නැති මන්ත්‍රීවරුන් ටිකක් පාසල් එක්කරගෙන ගියාට.

දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා බලනවා බෝම්බයෙන් ගොඩ යන්න. පෙරේදා මහින්ද රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවේ කතා කරනකොට මම එතුමා පිළිතුරු දෙමින් පැවසුවා.

මම ඔබතුමාට ස්තුති කරන්න ඔනෑ. මම දැක්කා ඔබතුමා මේ දවස් වල පාසල් වලට යනවා.

ඔබතුමා පාසල් වලට යනකොට ඔබතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා පාසල් වලට අරන් ගිහින් තිබුණා.

මම එකට ඔබතුමාට ස්තුතිය පුද කරනවා මොකද ඒ අයගේ දෙමාපියන්ටත් ඔය මන්ත්‍රීවරුන් පාසල් වලට එක්ක යන්න බැරි වුනා. පුංචි කාලයේ උන් ස්කෝලේ ගියේ නැහැ.

දැන් ඔබතුමා අරන් ගියපු එක ලොකු දෙයක් දැන් වත් උන් මොනවා හරි ඉගෙන ගයි කියලා මම කීවා.

අද පොහොට්ටුවේ ඉන්න අයියලා ඔය වාගේ අය තමයි ඉන්නේ ඒ අයටත් හිනා ගියා මම ඒ කතාව කියනකොට.

ඒ වාගේම තමයි දැන් විපක්ෂය කියා ගෙන යනවා කබීර්ට එන්න දෙන්න එපා කියලා.

එකට හේතුව මම දන්නේ නැහැ ඔවුන්ගෙන් මම අහන්න කැමැතියි ඔවුන්ට වඩා මම හොඳ බෞද්ධයෙක් කියලා එක මට සහතික කරලා කියන්න පුළුවන් මාගේ දෙමාපියන්ගේ පුද්ගලික ධනයෙන් ගලිගමුවේ පන්සල් දෙකක් තියෙන්නේ මාගේ තාත්තාගේ ඉඩම් වල ඊට අමතරව පන්සල් වලට ඉඩම් පරිත්‍යාග කරලා තිඛෙනවා.

අරණායක අස්මඩලේ පොදු සුසාන භූමිය තියෙන්නේ මාගේ තාත්තාගේ ඉඩම් වල ගලිගමුවේ මාධ්‍ය මහා විද්‍යාලය තියෙන්නේ මාගේ තාත්තාගේ ඉඩම් වල අපි ඒ විදිහට තමයි සිංහල ජනතාවට වැඩ කරලා තියෙන්නේ මාගේ ඇගේ ජාතිවාදය නැහැ.

මම නියෝජනය කරන්නේ මාගේ දිස්ත්‍රික්කයේ ජනතාව ඔබතුමල්ලා ඒ නිසාම තමයි ඔබතුමල්ලා මාව තෝරලා ඡන්දය ලබා දීලා ඇත්තේ මාගේ ජාතිය ආගම කුලය බලලා ජන්දය ලබා දුන්නේ නැහැනේ මේ යකාට වැඩ කරන්න පුළුවන්ද පුළුවන් නිසා දුන්නා.

මම වැඩ කරන්නේ නැති දවසට මාව පන්නා දමන්න. මම හිස නමලා ගෙදර යන්න ඕනෑ. මම ඔබගේ මහජන සේවකයා මම සේවය කරන්න පුළුවන් තාක් කල් වැඩ කරන තරම් තමයි මට ජන්දය දෙන්න ඕනෑ.

මම ෆෙල් කරපු දවසට මාව ගෙදර යවන්න. මේ අවුරුදු හතරේ පැය 24 මම කැපවෙලා තියෙනවා කෑගල්ල දිස්ත්‍රිකයේ ජනතාවට ජාති භේද ආගම් භේද මම බලලා නැහැ.

ඒ ගොල්ලන් මම පිළිපදින ධර්මයට අයිති අය නොවෙයි. ඒ නිසා තමයි මුස්ලිම් පූජක නායකයන් කීවේ ඔවුන්ව වලලනකොට ඔවුන්ගේ මළ මිනීයවත් මුස්ලිම් අය වලල තැන ඉඩ දෙන්න බැහැ කියලා.

ඔවුන්ව ගෙනයන්න කීවා. ඒ නිසා තමයි මුස්ලිම් ජනතාවගෙන් ගොඩාක් දෙනෙක් හමුදාවට පොලිසියට ඔත්තු දිලා මේ ත්‍රස්තවාදය නැති කරන්න උත්සාහ කරන්නේ තාමත්. රට හැම තැනම වාගේම මාවනැල්ලෙත් සහයෝය දැක්වුවා.

ඒ කැපවීම කර තිබෙනවා එක තමයි යථාර්ථය. හැම මුස්ලිම් මනුෂයෙක්ම මේ අන්තවාදින්ට අයිති වෙන්නේ නැහැ හැම ආගමකම මේ වාගේ අන්තවාදීන් ඉන්නවා”

මෙම අවස්ථාවට මහා සංඝරත්නය හා හිටපු පළාත් සභා මන්ත්‍රී උපුල් ශාමල් බණ්ඩාර, මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති අනුර චන්දන ජයවන්දල මහතා ඇතුලූ විශාල පිරිසක්ද එක් විය.

Read more

Local News